Posts

Showing posts from December, 2023

බල්ලකුට සිවුරු ඇන්දවූ සිද්ධියේ විශ්ව බුද්ධි මුනි හිමනම රිමාන්ඩ්

Image
  අන්තර්ජාලයට වීඩියෝ මුදාහරිමින් බෞද්ධාගමට අපහාසයක් හා ආගමික සංහිඳියාව බිඳී යන ක්‍රියාවක් කළේ යැයි කියන රත්නපුරේ විමල බුද්ධි හෙවත් “විශ්ව බුද්ධි මුනි” නමින් හඳුන්වාගත් චීවරධාරියකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්ඩ්ස් මහතා 13 දා නියෝග කළේය.සැකකරු ජාතික මානසික වෛද්‍ය ආයතනයට ඉදිරිපත් කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසට ද අධිකරණය නියෝග කළේය. ආගමික වෛරයක් ඇතිවන ආකාරයෙන් හැසිරුණු චීවරධාරියකු යොදා ගනිමින් කිසියම් සංවිධානාත්මක පිරිසක් හෝ ජාත්‍යන්තර ජාලයක් මෙරට ආගමික සංහිඳියාව නැති වන ආකාරයේ ක්‍රියාදාමයකට අර අඳින්නේද ? ඊට මුදල් ලැබෙන්නේ කෙසේද? යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවත් එහෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය. සැකකරු අන්තර්ජාලයට මුදාහැර තිබූ වීඩියෝ දර්ශන හා ඊට අදාළ ඡායාරූප රැසක් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේ...